Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුදෙව් ජනාවාස 19ක් පිහිටුවීම රටවල් 14ක් හෙළාදකී

යුදෙව් ජනාවාස 19ක් පිහිටුවීම රටවල් 14ක් හෙළාදකී

යුදෙව් ජනාවාස 19ක් පිහිටුවීම රටවල් 14ක් හෙළාදකී

බටහිර ඉවුරේ නව යුදෙව් ජනාවාස 19ක් පිහිටුවීමට ඊශ්‍රායලය ගෙන ඇති තීරණය රටවල් 14ක් හෙළා දැක තිබෙනවා.

එම පියවර කලාපයේ දිගුකාලීන සාමය සහ ආරක්ෂාව සඳහා වන අපේක්ෂාවන්ට හානි කරන බවයි ඔවුන් පවසන්නේ.

බටහිර ඉවුරේ ජනාවාස සඳහා ඊශ්‍රායලය ඒකපාර්ශවික ලෙස ගන්නා ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරනවා පමණක් නොව අස්ථාවරත්වය අවුලුවා ලීමේ අවදානමක්ද ඇති කරන බව යුරෝපා රටවල් 12ක් සහ ජපානය හා කැනඩාව පවසනවා.

ඒ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකරමිනුයි.

බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ඉතාලිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ජපානය, මෝල්ටාව, නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤ සහ එක්සත් රාජධානිය යන රටවල් ඊට අයත්.

මෙම තීරණය ගෙන ඇත්තේ පලස්තීනුවට එරෙහිව ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ප්‍රචන්ඩත්වය ඉහළ ගොස් තිබිය දී බවද ඒකාබද්ධ නිවේදනයේ සඳහන්.

Exit mobile version