Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිට්වා හේතුවෙන් මෙරට ශ්‍රමිකයින් 374,000ක් පීඩාවට පත්වීමේ අවධානමක් – ජාත්‍යන්තර කම්කරු සංවිධානය

දිට්වා නිසා මෙරට ශ්‍රමිකයින් 374,000ක් පීඩාවට පත්වීමේ අවධානමක් - ජාත්‍යන්තර කම්කරු සංවිධානය

දිට්වා නිසා මෙරට ශ්‍රමිකයින් 374,000ක් පීඩාවට පත්වීමේ අවධානමක් - ජාත්‍යන්තර කම්කරු සංවිධානය

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ශ්‍රමිකයින් 374,000ක් පමණ පීඩාවට පත්වීමේ අවදානමක් ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම සේවකයින්ට රැකියා අහිමි වුවහොත් මසකට ඇමරිකානු ඩොලර් මිලියන 48ක පමණ විභව ආදායම් අහිමි වීමක් සිදු විය හැකි බවයි එම සංවිධානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කෘෂිකර්මාන්තය සහ ධීවර අංශයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර, වී වගා කරන ලද ඉඩම්වලින් 23% දක්වා ගංවතුරෙන් බලපෑමට ලක්ව ඇති බවද ජාත්‍යන්තර කම්කරු සංවිධානය එම ඇස්තමේන්තුවෙන් ඉදිරිපත් කර තිබෙයි.

තේ නිෂ්පාදන පාඩුව 35%ක් තරම් ඉහළ අගයක් ගත හැකි අතර, මෙයින් ක්ෂේත්‍රයේ 70%ක් නියෝජනය කරන කුඩා තේ වතු හිමියන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version