පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කර තිබෙනවා.
ඒ පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන්.
කොටුව පොලිස් නිලධාරියෙකුට බලපෑම් කළ බවට වන මෙම නඩුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මීට පෙර ඇප මත මුදා හැර සිටියද,අද (23) දින ඔහු විවෘත අධිකරණයේ පෙනී සිට නැත.
ඒ අනුව ඔහුට එරෙහිව මෙම විවෘත වරෙන්තුව නිකුත් කර තිබේ.

