2025 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ දී 2.7%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 නොවැම්බර් මාසය සඳහා 2.4%ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 ඔක්තෝම්බර් මාසයේ දී 4.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේදී 3.6%ක් දක්වා අඩු වී තිබේ.
එමෙන්ම, 2025 ඔක්තෝම්බර් මාසයේ දී 1.5%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 නොවැම්බර් මාසයේදී 1.5%ක් ලෙස නොවෙනස්ව පවතියි.

