වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ රාජකාරී වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ඊට අදාළ ලිපිය නිකුත් කර තිබෙන බව වාර්තා වේ.
එම ලිපියේ සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදුකරන මූලික විමර්ශනයන්ට අනුව ඔහු වගකිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙක් වශයෙන් විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකර ඇති බවයි.

