Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වන අලියා පිලිස්සීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

වැලිසරට නව බන්ධනාගාරයක්

වැලිසරට නව බන්ධනාගාරයක්

සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ව මේ මස 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරපුර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම සිද්ධියට මුහුණදුන් වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී සැකකරුවන් තිදෙනෙකු මිහින්තලය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු මරණයට හේතු වී ඇති බවටයි නියගමනය කර තිබෙන්නේ.

Exit mobile version