Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදා හැරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදාහරින්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රජයේ වී තොග, සහල් කර වෙළෙඳපොළට මුදාහරින්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2025 අයවැය මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 6,000ක පමණ අරමුදල් භාවිත කරමින්, වී අලෙවි මණ්ඩලය පසුගිය යල කන්නයේදී මිලට ගත් වී තොග මේ වන විට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ගබඩා කර තිබෙනවා.

වෙළෙඳපොළ තුළ අඛණ්ඩ සහල් සැපයුමක් තහවුරු කිරීම සඳහා එම වී තොග, 2025 වසර සඳහා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මගින් සහල් කර, ලක් සතොස සහ සමුපකාර ජාලය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණා.

Exit mobile version