Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආපදාවට පත් කර්මාන්තකරුවන්ට විශේෂ දැනුම්දීමක්

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව හෙට (16) දින පස්වරු 2ට පෙර දැනුම්දෙන ලෙස කර්මාන්තකරුවන්ගෙන් අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 0712 666 660 යන දුරකථන අංකය ඔස්සේ ආපදාවට පත් වූ කර්මාන්ත පිළිබඳ දැනුම් දිය හැකි බවය.

එමෙන්ම අදාළ තොරතුරු www.industry.gov.lk හරහා හෙට දිනයට පෙර සිදුකරන ලෙසත් අමාත්‍යාංශය දැනුම්දෙයි.

මේ අතර ආපදාවට පත් කර්මාන්ත පිළිබඳ තොරතුරු දැනුම්දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් විමසිය හැකි බව ද එම අමාත්‍යාංශය දැනුම්දෙයි.

Exit mobile version