Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලින් බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 600කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත..

පවතින වර්ෂාවත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායායෑමේ දැඩි අවදානම් සහිත ප්‍රදේශවලින් පුද්ගලයින් 600කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කර තිබේ.

බදුල්ල දිස්තික් ලේකම් ප්‍රභාත් අබේවික්‍රම සඳහන් කළේ මීගහකිවුල, සොරනාතොට, ඌව පරනගම, ඇල්ල සහ හාලි ඇල ප්‍රදේශවල ජනතාව ඊයේ (11) පස්වරුවේ ඉවත් කළ බවය.

පැවැති නායයෑම් සක්‍රීය වීම සහ අලුතින් ස්ථාන කිහිපයක නායයෑම් ඇතිවීම සැලකිල්ලට ගෙන ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

Exit mobile version