Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ‍

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්ශංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ‍ගෙන තිබේ.

එම කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

එහිදී නිතීවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද දුම්වැටි 12,000ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 42 හැවිරිදි පරකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version