Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාව පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි වාහන බවට පත් කිරීමට පියවර

ශ්‍රී ලංකාව පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි වාහන බවට පත් කිරීමට පියවර

ශ්‍රී ලංකාව පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි වාහන බවට පත් කිරීමට පියවර

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යයාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (නර්ඩ්) ඉංජිනේරුවන්ගේ පර්යේෂණ දැනුමෙන් පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන පැරණි ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය වන වාහන (EV) බවට පරිවර්තනයට මුලපිරීම පසුගියදා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම නවීන තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳ පර්යේෂණ මෙහෙයවීම නර්ඩ් පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කර තිබේ.

දීර්ඝ කාලයක් සිදු කළ පර්යේෂණ වලින් අනතුරුව ත්‍රිරෝද රථය කිලෝ වොට් 5ක මෝටරයකින් සහ කිලෝ වොට් 7ක බැටරියකින් බල ගැන්වෙන ලෙස නිර්මාණය කර ඇත.

මෙම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 125ක දුරක් ධාවනය කිරීමට හැකියාව ඇති බව එම ඉංජිනේරුවන් පවසයි.

නර්ඩ් ආයතනයේ සභාපති ආචාර්ය චිත්‍රාල් අඹවත්ත, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයතු සමරවික්‍රම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ගීතානි කුරුප්පුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ඉංජිනේරුවරුන්, තාක්ෂණලාභීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version