Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ IP රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ IP රිමාන්ඩ්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි දෙසැම්බර් 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊශ්‍රායලයට සේවකයින් යැවීමේදී සිදුව ඇති බව පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාව මත ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ.

පසුගිය රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීම සම්බන්ධව සිදුව ඇති බව කියන අක්‍රමිකතාව මත එවකට විදේශ රැකියා අමාත්‍යවරයාව සිටි මනූෂ නානායක්කාර මහතාද අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබුණා.

එම සිදුවීමට අදාළව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Exit mobile version