ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෙන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ශ්‍රී ලංකා රජය සහ ඉතාලි ජනරජය අතර රියදුරු බලපත්‍ර අන්‍යෙන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා 2011 වසරේදී අත්සන් කළ ගිවිසුම 2021 වසරේදී වලංගු කාලය අවසන් වූ බැවින් එම ගිවිසුම යාවත්කාලීන කරමින් තාක්ෂණ සංශෝධනද ඇතුළත් කරමින් බලාත්මක කිරීමට දෙපාර්ශ්වය අතර එකඟතාවයකට එළඹී තිබේ.
ඒ් අනුව වසර 06 කට අඩු කාලයක් ඉතාලියේ පදිංචිව සිටින සහ ඉතාලි පදිංචිය ලබා ගැනීමට පෙර ලබා ගත් ශ්‍රී ලාංකික වලංගු රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර පරිවර්තනය කිරීම මගින් ඉතාලි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සහ ශ්‍රී ලංකාවේ පදිංචි ඉතාලි ජාතිකයින්ට සිය වලංගු ඉතාලි රියදුරු බලපත්‍ර ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර බවට බලාත්මක කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මෙම ගිවිසුම මගින් සිදු කෙරෙනු ඇති.

