Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදිනියකට වාචික හිංසනයක්

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදිනියකට වාචික හිංසනයක්

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදිනියකට වාචික හිංසනයක්

මන්ත්‍රිවරයකුගෙන් සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා පැමිණි ප්‍රසිද්ධ පුවත්පතක මාධ්‍යවේදිනියකට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී පසුගියදා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පැමිණ වාචික හිංසනයකට ලක්කර තිබූ බව ‘මව්බිම’ වාර්තා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පුස්තකාලය තුළදී එම සම්මුඛ සාකච්ඡාව අවසන් කිරීමෙන් පසු, අදාළ මාධ්‍යවේදිනිය සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය සමඟ සාකච්ඡා කරමින් පුස්තකාලයෙන් පිටතට පැමිණ තිබෙනවා.

ඒ අනුව, ජාතික ජනබලවේගය නියෝජනය කරන අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජ්‍ය ආමාත්‍යවරයෙක් ඒ අසලට පැමිණ මාධ්‍යවේදිනියගේ ශරීරය දෙස අනවශ්‍ය අයුරින් බලමින් “බලන්නකෝ ඔයාගේ හැටි. වස කැතයි. ගොඩක් මහත් වෙලානේ” යනුවෙන් පවසා තිබෙනවා.

මෙම ප්‍රකාශෙයන් පසුව අදාළ මාධ්‍යවේදිනිය දැඩි අපහසුතාවයට පත්ව තිබූ අතර, ඇය හඬා වැටෙන අයුරු දක්නට ලැබුණු බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

එහෙත් නියෝජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම එම මාධ්‍යවේදිනියගේ ශරීරය දෙස බලමින් අපහාස කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන්ද අද පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුර සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය අදහස් පල කර තිබුණා.

ඒ අනුව, ඇය කියා සිටියේ එම අවස්ථාවේදී අදාළ මාධ්‍යවේදිනිය දැඩි වාචික සහ මානසික හිංසනයට ලක්වූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ,

”ප්‍රවීණ මාධ්‍යවේදිනියකට වාචික සහ මානසික හිංසනයකට ලක්වෙන්න සිදු වුණා. ඉතින් ඇත්තටම වල් පැළ ගහලවලා මල් පැල හිටවනවා කියලා කිව්වත් අපිට පේන්නේ, මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇවිත් තියෙන්නේ මඩේ හැදෙන කාන්තාවන් ගිලන බාඳුර මල් හා සමානයි කිව්වොත් ඒක නිවැරදියි. මොකද මමත් ඒ අවස්ථාවේ ඒ මාධ්‍යවේදිනියත් එක්ක හිටියා. ඉතින් ඒ අවස්ථාවේ ඒ මාධ්‍යවේදිනිය ලොකු හිංසනයකට ලක් වුණා.මම ඇත්ත්ටම ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා.“

– news19

Exit mobile version