අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැක සහිත බෝට්ටුවක් පරීක්ෂා කළ පාකිස්තාන නාවික හමුදාව එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000ක් අත්අඩංගුවට ගත් බව ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.
එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 130ක් පමණ වන බවද වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන නාවික හමුදාවේ මහජන සබඳතා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ සෞදි අරාබියේ ඒකාබද්ධ කාර්ය බළකාය සහ අමෙරිකානු නාවික හමුදා ඒකාබද්ධ බළකාය සමඟ එක්ව එම වැටලීම සිදුකළ බවය.
එම වැටලීම මාස දෙකක් ඇතුළත පාකිස්තාන නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ තුන්වැනි මෙහෙයුම බවත්, මීට පෙර පසුගිය අගෝස්තුවේදී බලුකිස්තාන මුහුදු තීරයෙන් ඩොලර් මිලියන 38ක් වටිනා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක්ද, පසුගිය මාසයේදී අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවකින් ඩොලර් මිලියන 972ක් වටිනා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක්ද පාකිස්තාන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.

