Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාකි­ස්තා­නය එක් දින­යක් තුළ ඇෆ්ගන් සංක්‍ර­ම­ණි­කයෝ 7700ක් පිටු­ව­හල් කරයි

පාකි­ස්තා­නය එක් දින­යක් තුළ ඇෆ්ගන් සංක්‍ර­ම­ණි­කයෝ 7700ක් පිටු­ව­හල් කරති

පාකි­ස්තා­නය එක් දින­යක් තුළ ඇෆ්ගන් සංක්‍ර­ම­ණි­කයෝ 7700ක් පිටු­ව­හල් කරති

පාකි­ස්තා­නය විසින් ලියා­ප­දිංචි නොවූ සංක්‍ර­ම­ණි­ක­යන්ට එරෙ­හිව පුළුල් මර්ද­න­යක් අඛ­ණ්ඩව සිදු කරන බවත්, එක් දින­යක් ඇතු­ළත ඇෆ්ග­නි­ස්තාන සංක්‍ර­ම­ණි­ක­යන් 7,700ක් පිටු­ව­හල් කර ඇති බවත් තලේ­බාන් සර­ණා­ගත කොමි­සම ප්‍රකාශ කර තිබේ. ඇෆ්ග­නි­ස්තාන මාධ්‍ය සඳ­හන් කර ඇත්තේ එදි­නම තවත් ඇෆ්ගන් සර­ණා­ග­ත­යන් 246 දෙනකු ඉරා­න­යෙන් පිටු­ව­හල් කර ඇති බවය.

දකුණු සහ නැඟෙ­න­හිර පාකි­ස්තා­නයේ පිහිටි ටොර්කාම් සහ බෝල්ඩක් දේශ­සීමා ඔස්සේ පසු­ගි­යදා එම සංක්‍ර­ම­ණි­ක­යන් පිරිස පිටු­ව­හල් කර ඇති අතර, වේග­යෙන් සිදු­වන මේ ක්‍රියා­ව­ලිය හේතු­වෙන් තලේ­බාන් රජය දුෂ්ක­රතා රැස­කට මුහුණ පා සිටින බවද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. පිටු­ව­හල් කරනු ලැබූ සංක්‍ර­ම­ණි­ක­යන් සඳහා නවා­තැන්, මූල්‍ය සම්පත්, සෞඛ්‍ය සේවා, පානීය ජලය සහ අධ්‍යා­ප­නය වැනි මූලික අව­ශ්‍යතා සඳහා අති­රේක පිරි­වැ­යක් දැරී­මටද තලේ­බාන් රජ­යට සිදු වී ඇතැයි එරට මාධ්‍ය සඳ­හන් කරයි.

පාකි­ස්තා­න­යෙන් පිටු­ව­හල් කරනු ලබන බොහෝ සංක්‍ර­ම­ණි­ක­යන් වසර 2021 දී තලේ­බාන් සංවි­ධා­නය විසින් ඇෆ්ග­නි­ස්තා­නයේ බලය අත්කර ගැනී­මෙන් පසු රටින් පලා­ගිය පුද්ග­ල­යන් වන අතර, කාන්තා­වන්, දරු­වන් ඇතු­ළුව හමුදා සාමා­ජි­ක­යන් සහ මාධ්‍ය­වේ­දීන්ද ඒ අතර සිටින බව වාර්තා වේ.

Exit mobile version