Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංවිධානාත්මක අපරාධකරුවන් 80කට රතු නිවේදන

තවමත් සැඟව සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 232ක් විවිධ රටවල

තවමත් සැඟව සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 232ක් විවිධ රටවල

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පිරිසගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ පාතාලය හා සම්බන්ධ දේශපාලකයන් ගැන තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අඟහරුවාදා (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

එසේම, තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 80කට රතු නිවේදන නිකුත් කර ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සමග මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන පිරිසගේ සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අගෝස්තු 30වන දිනෙන් පසුව T56 ගිනි අවි 07ක්, T81 ගිනි අවි එකක්, පිස්තෝල 06ක්, රිවෝල්වර 09ක්, වෙනත් අවි දෙකක් සහ උණ්ඩ 909ක්ද සොයාගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version