Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩෙන්මාර්කය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩෙන්මාර්කය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩෙන්මාර්කය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

ඩෙන්මාර්ක රජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹ තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරන ලද්දේවිදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඩෙන්මාර්ක රජය සමඟ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.

එය පිළිබිඹු කරන්නේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත් කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ කැපවීම බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ නිල ණයහිමි කමිටුව (OCC) සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් පසු ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, හිඟ ණය නැවත කාලසටහන්ගත කිරීමෙන් ණය සහන පියවරක් දීර්ඝ කිරීමට ඩෙන්මාර්ක රජය එකඟ වී ඇති බවයි.

ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ඩෙන්මාර්ක රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ලාර්ස් ලොක්කේ රස්මුසන් මහතා අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුම යටතේ ඇස්තමේන්තුගත නැවත සැලසුම් කරන ලද ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 39 කි.

Exit mobile version