Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේ සිද්ධිය ගැන පොලීසියෙන් නිවේදනයක්

ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේ සිද්ධිය ගැන පොලීසියෙන් නිවේදනයක්

ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කිරීමේ සිද්ධිය ගැන පොලීසියෙන් නිවේදනයක්

ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවය දැක්වෙන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ සිදුවීම මුල්කර ගනිමින් යම් අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කළ බවය.

මෙම සිදුවීම මුල් කරගෙන ජාතීන් අතර අසමගියක් ඇති වීමට ඉඩප්‍රස්ථාවක් ඇති බවට ශ්‍රී ලංකා පොලීසියට නිරීක්ෂණය වී ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රදේශයේ සියලු ජාතීන් නියෝජනය වන ප්‍රදේශයක් වන බැවින්, යම් හෙයකින් මෙම සිදුවීම දඩමීමා කරගනිමින් යම් කඩාකප්පල්කාරී පුද්ගලයෙකු මෙම බුදු පිළිමයට යම් කිසි හානියක් සිදුකළ හොත් එය ප්‍රදේශයේ සාමය සහජීවනය පවත්වාගෙන යෑමට විශාල ගැටලුවක් ඇති වීමට තුඩුදිය හැකි බැවින් එම අවස්ථාවේදී බුදු පිළිම වහන්සේ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත වැඩම කරවා ගැනීමට කටයුතු කළ බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.

(16) දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් වරාය පොලීසිය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරමින් පවතින අනවසර ඉදිකිරීම් නැවැත්වීමට යාමේදී එම ස්ථානයට රැස්වූ පිරිසක් කලහකාරී ලෙස හැසිරීමේ දී එය පාලනය කිරීමට පොලීසිය විසින් කටයුතු කළද කිසිදු අවස්ථාවක මහා සංඝරතනයට හෝ මහජනතාවට පහරදීමක් සිදුකර නොමැති බවද පොලීසිය අදාළ නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.

තවද මේ වනවිට ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින බැවින් මේ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් එකඟතාවයකට පැමිණ ඇති බැවින් මෙසේ පොලිස් ආරක්ෂාව යටතට ගත් බුදු පිළිම වහන්සේ නැවත වැඩම වීම සඳහා ගරු මහා සංඝරතනයට සහ දායක සභාවට භාරදී ඇතැයි ද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඊයේ (17) දින මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Exit mobile version