Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් තොග ගබඩාවකට මුද්‍රා

පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් තොග ගබඩාවකට මුද්‍රා

පරිභෝජනයට නුසුදුසු වියළි මිරිස් තොග ගබඩාවකට මුද්‍රා

මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩා කර තිබු වත්තල ප්‍රදේශයේ ගබඩාවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා තිබෙනවා.

විදේශයක සිට ආනයනය කෙරුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරෙන වියළි මිරිස් තොගයක් ගබඩාවක ඇති බවට පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශය විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ, වත්තල, ඇලකන්ද ප්‍රදේශයේ පිහිටි අදාළ ගබඩාව පරික්ෂාවට යන විටත් එය වසා දමා පැවති අතර උපාය දූතයෙකු යොදවා ගබඩාව විවෘත කර ගැනීමෙන් අනතුරුව පරික්ෂා කළ බවයි.

එම ගබඩාව තුළ කිලෝග්‍රෑම් 25 බැගින් වූ මළු 30ක් තුළ මිරිස් තොගය ගබඩා කර තිබූ අතර එහි නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය, බර ආදී අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් කර නොතිබු බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම වියළි මිරිස් තොගය වෙළෙඳපොළට මුදා හරිමින් පැවති බවටද පාරිභෝගික අධිකාරිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන අනතුරුව බැඳුම්කරයක් මත මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

Exit mobile version