Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ටින් මාළු උපරිම සිල්ලර මිල වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

නීත්‍යානුකූල රෙගුලාසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ටින් මාළු කම්හලක් වටලයි

නීත්‍යානුකූල රෙගුලාසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ටින් මාළු කම්හලක් වටලයි

ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් ඊයේ (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ටූනා, ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක් විය යුතු අතර, ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 380ක් විය යුතු බව එහි සඳහන්.

ශුද්ධ බර ග්‍රෑම් 155ක මැකරල් ටින්මාළු මිල රුපියල් 210ක් සහ ශුද්ධ බර ග්‍රෑම් 425ක මැකරල් ටින් මාළු මිල රුපියල් 480ක් විය යුතු බවත් එම අධිකාරිය සඳහන් කරයි.

ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු මිල රුපියල් 240ක් විය යුතු අතර, ග්‍රෑම් 425ක ජැක් මැකරල් ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 560ක් විය යුතු බවද සඳහන්.

මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාළු වෙළදාම් කිරීම, වෙළදාම සඳහා ඉදිරිපත් කිරීම හා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවත් මෙම ගැසට් නිවේදනයෙන් දක්වා තිබේ.

Exit mobile version