Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මම වඟකිමෙන් කියනවා කන්ටේනර්වල තිබුණේ අවි ආයුධ – රාමනාදන් අර්චුනා

මම වඟකිමෙන් කියනවා කන්ටේනර්වල තිබුණේ අවි ආයුධ – රාමනාදන් අර්චුනා

මම වඟකිමෙන් කියනවා කන්ටේනර්වල තිබුණේ අවි ආයුධ – රාමනාදන් අර්චුනා

ආන්දෝලනයට ලක්ව ඇති කන්ටේනර් 323 පිළිබද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් හෙළිදරව්වක් නැවත වතාවක් සිදු කරනු ලැබුවා.

ඒ ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ, එම ප්‍රශ්නගත කන්ටේනර් තුළ ඇත්තේ අවි ආයුධ වන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.

තමා විසින් සිදු කරන ලද විදේශ සංචාරයකදී මෙම කන්ටේනර් 323හි අවිආයුධ තිබු බවට තොරතුරු වාර්තා වු බවද මන්ත්‍රිවරයා පවසා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රි අර්චුනා:

“හැමදාම කියන්නෙ මගේ කන්ටේනර් මගේ කන්ටේනර් මගේ කන්ටේනර් කියලා ඇත්තටම මේක බිමල් රත්නායක ඇමතිතුමා ඉන්න කාලේ එයා රිලීස් කරපු කන්ටේනර්. ඒකට මාව සීඅයිඩී ගෙනල්ලා විමර්ශනය කළා. මම ඇතුළෙ කරපු කතාවට”

“දෙවෙනි එක තමයි මමත් දැන් යුරෝප් ටුවර් එකක් ගියා මාසයක් විතර එතනිනුත් මට බරපතළ ඩොකියුමන්ට්ස් ඇවිල්ලා තියෙනවා මේ අයගෙ කන්ටේනර් 323 ඇතුළෙ අවි ආයුධ තිබ්බා කියලා. අදත් මම වගකීම අරගෙන කියන්නෙ සර් ඒවා ඇතුළෙ තිබුණෙ අවි ආයුධ තමයි. ඕනේනම් මාව සීඅයිඩී නෙවෙයි ඉන්ටර්පෝල් එකට අරගෙන ගිහිල්ලා අහන්න මම උත්තර දෙන්නම්. හැබැයි ඒ වාර්තාව දාන්න කියන්නකො සර්. අනික ඒකට කමිටි එකක් පත් කරන්න කියන්න. ඇයි මාව ඇදගන්නෙ ඔක්කොටම මම බය නැතුව අදත් කියනවා ඒකෙ අවි ආයුධ තමයි තිබ්බෙ.”

Exit mobile version