ලෝක සාහිත්‍යවේදීන් ඉහළම ගෞරවයට ලක් කරන වාර්ෂික බුකර් සාහිත්‍ය සම්මානය මෙවර හංගේරියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක ඩේවිඩ් සලේට හිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සම්මානය හිමිවී ඇත්තේ ඔහුගේ ෆ්ලෙෂ් කෘතියට බවද වාර්තා වේ.
51 හැවිරිදි ඩේවිඩ් සලේට සම්මානය සමඟ පවුම් පනස්දහසක ත්‍යාග මුදලකුත් හිමි වූ අතර, බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ හංගේරියානු සම්භවයක් සහිත පළමු ලේඛකයා ලෙස ඔහු ඉතිහාසයට එක් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

