Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“කප්තුරු සවිය” ජාතික වැඩසටහන ඇරඹේ

“කප්තුරු සවිය” ජාතික වැඩසටහන අරඹයි

“කප්තුරු සවිය” ජාතික වැඩසටහන අරඹයි

පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ගෙවතු පොල් වගාව සහා පොල් පැල ලක්ෂ 5ක් නොමිලේ ලබාදීමේ “කප්තුරු සවිය” ජාතික වැඩසටහන ඊයේ (09) ආරම්භ කෙරුණි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සහ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් යන අමාත්‍යංශ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි “කප්තුරු සවිය” ක්‍රියාත්මක කරන්නේ.

එහි සමාරම්භක උත්සවය අම්පාර උහන ප්‍රදේශයෙන් ඊයේ(09) ආරම්භ වූයේ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.

උතුරු පොල් ත්‍රිකෝණය සදහා තොරාගත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් සියල්ලම ආවරණය වන පරිදි පොල් පැල ලක්ෂ 5ක් නොමිලේ ලබාදීමට සැළසුම්කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියාසිටියේ ජනතාවගේ බලාපොරොත්තුවක් වූ සංවර්ධනය ද රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

Exit mobile version