Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහින්දානන්දගේ හා නලින්දගේ ඇප ඉල්ලිම ඉවතට

මහින්දානන්දගේ නලින්දගේ ඇප ඉල්ලිම ඉවතට

මහින්දානන්දගේ නලින්දගේ ඇප ඉල්ලිම ඉවතට

වසර 25ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (07) ප්‍රතික්ශේප කළා.

මෙම නියෝගය ප්‍රියනාත් ලියනගේ, විරාජ් වීරසූරිය, පී එම් ටී බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කර තිබෙනවා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දාන්නද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු පසුගිය මැයි 29 වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරදකරුවන් කෙරුණා.

එම දණ්ඩන නියෝගයට එරෙහිව විත්තිකාර හිටපු අමාත්‍යවරුන් සිය නිතීඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සම් ගොනු කළා.

එම අභියාචන පෙත්සම්වලට යටත්ව තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා විත්තිකාර අමාත්‍යවරුවන් මෙම ඇප ඇයදුම් පත්‍ර ගොනු කර තිබුණා.

කරුණු සලකා බැලූ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල චූදිතයින් හට ඇප ලබා දීමට ප්‍රමාණවත් තරම් කරුණු දැක්වීමක් ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කරමින් ඇප අයදුම් පත්‍රය ප්‍රතික්ශේප කර තිබේ.

Exit mobile version