Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වත්කම් තහනමට එරෙහිව කෙහෙළිය පවුල ගොනු කළ රීට් 3ම නිෂ්ප්‍රභයි

වත්කම් තහනමට එරෙහිව කෙහෙළිය පවුල ගොනු කළ රීට් 3ම නිෂ්ප්‍රභයි

වත්කම් තහනමට එරෙහිව කෙහෙළිය පවුල ගොනු කළ රීට් 3ම නිෂ්ප්‍රභයි

කොළඹ මහාධිකරණය තමා වෙත ලබා දී ඇති වත්කම් තහනම් කිරීමට හා එම තහනම දීර්ඝ කිරීම සඳහා දෙනු ලැබූ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණිය හා බෑණා විසින් ගොනු කරන ලද රිට් පෙත්සම් තුනක් සඳුදා දින (03) විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විමර්ශන කටයුතුවලට අදාලව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් ප්‍රමාණයක් තහනම් කිරීම සඳහා 2024 අගෝස්තු මාසයේ දී කොළඹ මහාධිකරණය හරහා නියෝගයක් ලබා ගත් අතර, එය මාස තුනකට වරක් දින දීර්ඝ කිරීමට නතු කිරීමට ද මහාධිකරණය විසින් පියවර ගනු ලැබුවා.

ඒ අනුව මහාධිකරණය විසින් නිකුත් කරන ලද මෙම නියෝගය හා දින දීර්ඝ කිරීම් අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද රිට් පෙත්සම් තුනකුයි ඊයේ මෙසේ ප්‍රතික්ෂේප කරනු ලැබුවේ.

මෙම රීට් පෙත්සම් සලකා බැලීමෙන් පසු ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඬුල්ල විසින් ඒකමතිකව මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරනු ලැබුවා.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වේහේන, දියණිය චන්දුල රඹුක්වැල්ල සහ බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අය සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම පෙත්සම්වල සඳහන් කරනු ලැබ ඇත්තේ, දූෂණ වැළැක්වීමේ පනත යටතේ අල්ලස් විමර්ශන කොමිසම විසින් සිදු කරන ලද විමර්ශනය සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණය, තමන්ගේ වත්කම් මෙසේ තහනම් කිරීමට හා එම නියෝගය දීර්ඝ කිරීමට මහාධිකරණය පියවර ගෙන ඇති බවත්, එවැනි තහනම් නියෝගයක් නිකුත් කිරීමට පෙර තමන් වෙත තර්ක ඉදිරිපත් කිරීමට කාලය ලබා දිය යුතුව තිබූ නමුත්, ඊට ඉඩ නොතබමින් ඒකපාර්ශ්වික කරුණු පමණක් සලකා බලා මෙම තහනම් නියෝග ලබාගෙන ඇති බවත් ය.

ඒ අනුව මෙය ස්වභාවික යුක්ති මූලධර්මය උල්ලංඝනය කරන බවත්, ඒ හරහා තමන්ට බරපතල අසාධාරණයක් සිදුවී ඇති බවත් සඳහන් කරමින් මෙම නියෝගය බලරහිත කරන ලෙසයි පෙත්සම්කාර පාර්ශවය ඉල්ලා සිටිනු ලැබ ඇත්තේ.

මෙම කරුණු ද සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු ජනක් ද සිල්වා සඳහන් කළේ දූෂණ වැළැක්වීමේ පනත යටතේ පැමිණිල්ලේ ස්වභාවය සලකා බලා ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් එවැනි තහනම් නියෝග ලබා ගැනීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට නීත්‍යානුකූල බලය ඇති බව හා එවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙර චූදිත පාර්ශවයෙන් (මෙම රිට් පෙත්සමේ පෙත්සම්කරුවන්ගෙන්) ප්‍රශ්න කිරීම අවශ්‍ය නොවන බව ය.

ඒ අනුව, සෑහීමකට පත් විය හැකි නඩු නිමිත්තක් ඉදිරිපත් කිරීමට රිට් පෙත්සමේ පෙත්සම්කරුවන්ගෙන් අසමත් වී ඇති හෙයින් මෙම පෙත්සම් තුන නිෂ්ප්‍රභ කරන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා ප්‍රකාශ කර සිටියේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් රුපියල් මිලියන 97 කට අධික වත්කම් තහනම් කිරීමට මෙසේ මහාධිකරණය හරහා කටයුතු කර ඇත්තේ, දැනට අධිචෝදනා ගොනු කර ඇති අයථා වත්කම් සම්බන්ධ නඩුවකට අදාළව වන අතර, මෙම වත්කම් අතර ස්ථාවර තැන්පතු ගිණුම්, ජීවිත රක්ෂණ ඔප්පු ආදියද ඇතුළත් බවයි සඳහන් වන්නේ.

Exit mobile version