Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නාවික හමුදාවේ සාගර මෙහෙුම් කාර්යක්ෂම කිරිමට එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ ගිවිසුමක්

නාවික හමුදාවේ සාගර මෙහෙුම් කාර්යක්ෂම කරන්න එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ ගිවිසුමක්

නාවික හමුදාවේ සාගර මෙහෙුම් කාර්යක්ෂම කරන්න එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ ගිවිසුමක්

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චන්ද්‍රිකා සන්නිවේදන අන්තර්නිරෝධන පද්ධතියක් ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ අවසාන පරිශීලක සහ භාර දීමේ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා රජය එකඟ වී තිබෙනවා.

2024 වර්ෂයේ සිට ජපාන රජයේ මූල්‍යමය හා තාක්ෂණික සහාය සහ ජපාන වෙරළාරක්ෂක බලකායේ විශේෂඥ සහාය යටතේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ‘ඉන්දු – පැසිෆික් කලාපයේ සමුද්‍ර ආරක්ෂාව සහ සාගර නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම’ යන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ව්‍යාපෘතිය යටතේ මෙසේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ‘Congnyle SI2’ චන්ද්‍රිකා සන්නිවේදන අන්තර්නිරෝධන පද්ධතිය ලබා දීමටයි එකඟතාව පළ කරනු ලැබ ඇත්තේ.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් බරපතල නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම, මැඩපැවැත්වීම සහ එම ක්‍රියාකාරකම්වලට බාධා කිරීම තුළින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම මෙන්ම ඒ තුළින් කලාපීය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්ෂක මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ශක්තිමක් කළ හැකි වනු ඇති බව අපේක්ෂා කරනු ලබනවා.

ඒ අනුව එකී පද්ධතිය මෙරටට ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවසාන පරිශීලක සහ භාර දීමේ ගිවිසුම අත්සන් තැබීම පිණිස අමාත්‍ය මණ්ඩලය එකඟ වූ බවයි දැක්වෙන්නේ.

Exit mobile version