Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චරිත රත්වත්තේට ඇප

චරිත රත්වත්තේට ඇප

චරිත රත්වත්තේට ඇප

අත්අඩංගුවට ගනු ලැබූ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන චරිත රත්වත්තේ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබා දුන්නේ, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවයි.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කරනු ලැබ ඇත.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට චරිත රත්වත්තේ මහතා අල්ලස් කොමිසම විසින් ඊයේ (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, 2015 වසරේදී එවකට සිටි අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස ඔහු කටයුතු කරමින් සිටියදී සිදුකළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙනි.

චෝදනාවට අනුව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ කොකුන් ගබඩා 50ක් නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර මිලදී ගැනීම තුළින් රජයට කෝටි 9කට අධික මූල්‍ය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූණි.

අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් මෙම නඩුකරය මහේස්ත්‍රාත්වරයාගේ නිලමැදිරිය තුළදී කැඳවනු ලැබුවා.

පැමිණිල්ල යළි ජනවාරි මස 23වන දිනට කැඳවීමට අධිකරණය නියෝග කළා.

Exit mobile version