Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව හා ඇමෙරිකාව අතර ආරක්ෂක ගිවිසුමක්

ඉන්දියාව සහ අමෙරිකාව අතර ආරක්ෂක ගිවිසුමක්

ඉන්දියාව සහ අමෙරිකාව අතර ආරක්ෂක ගිවිසුමක්

ඉදිරි වසර 10 තුළ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ඉන්දියාව සහ අමෙරිකාව අතර ගිවිසුමක් අත්සන් කර ඇත.

ක්වාලාලම්පූර් හි එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම ගිවිසුම නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිවිසුම “සම්බන්ධීකරණය, තොරතුරු බෙදාගැනීම සහ තාක්ෂණික සහයෝගීතාව” වැඩි දියුණු කරනු ඇතැයි හෙග්සෙත් පවසා තිබේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවෙන් ඉන්දියාව තෙල් සහ අවි මිලදී ගැනීම හේතුවෙන් ඉන්දියාවට 50%ක තීරුබදු පැනවීමෙන් පසු දෙරට අතර වෙළෙඳ ගිවිසුම අවසන් කිරීමට සහ ආතති සහගත සබඳතා ලිහිල් කිරීමට උත්සාහ කරන අතරතුර මෙය සිදුවීම විශේෂත්වයකි.

Exit mobile version