Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍ය ආධාර

ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍ය ආධාර

ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍ය ආධාර

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (i ROAD 2) – 5 වන කොටස යටතේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 90ක ණයක් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇත.

තෝරාගත් ග්‍රාමීය ප්‍රජාවන් සහ ප්‍රධාන සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම මගින් මාර්ග ප්‍රවාහන කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම මෙන්ම ජාතික මාර්ග නියෝජිත ආයතනවල ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

ADB වෙතින් මෙම ණය මුදල, වැඩිහිටියන්, කාන්තාවන්, ළමුන් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළත් සහ ඔවුන්ට හිතකර වන ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝමීටර 500ක් පමණ සියලුම කාලගුණික, දේශගුණික – ප්‍රතිරෝධි ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත. ඊට අමතරව, මෙම වැඩසටහන මගින් ජාතික මාර්ග කිලෝමීටර 21ක් පමණ පුනරුත්තාපනය කිරීම සහ ග්‍රාමීය ප්‍රවේශ මාර්ග කිලෝමීටර් 100ක් නඩත්තු කිරීම සදහා පහසුකම් සපයනු ලබයි.

Exit mobile version