Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ රංචිහිදී ඉරිදා දින (26) නිමාවට පත් වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

තරග ඉසව් රැසකදී ඉන්දියාවට කරට කර සටනක් දුන් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ පෙරමුණ අහිමිව ගියේ රන් පදක්කම් 4ක වෙනසකින්.

ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමගින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වුණා.

රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වූ අතර, ඔවුන් රිදී 20ක් හා ලෝකඩ 18ක්ද දිනා ගත්තා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට නොහැකි වුණා.

විශේෂයෙන් නේපාලය රිදී පදක්කම් 02ක් දිනාගැනීම හැරෙන්න වෙනත් කිසිදු රටකට රිදී පදක්කමක් හෝ දිනාගැනීමට අවස්ථාවක් හිමි වුණේ නැහැ.

මෙහිදි බංග්ලාදේශය ලෝකඩ පදක්කම් 03ක්ද, මාලදිවයින ලෝකඩ පදක්කමක්ද දිනාගැනීම හැරෙන්න භූතානයට එකඳු පදක්කමක් හෝ දිනාගැනීමට නොහැකි වුණා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් සහභාගි වුණා.

සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදි තරග වැදුණා.

Exit mobile version