Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල: ලංකාවට පදක්කම් 2ක්

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල: ලංකාවට පදක්කම් 2ක්

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල: ලංකාවට පදක්කම් 2ක්

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ බ්‍රහස්පතින්දා දින (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් වුණා.

විනාඩි 3.57.42ක කාලයක් තුළ තරගය අවසන්කිරීමට ඔහු සමත් වුණා.

මෙහි රිදී පදක්කම විනාඩි 3.58.73කින් තරගය අවසන්කළ චීන ක්‍රීඩකයෙකු දිනාගත් අතර, ලෝකඩ පදක්කම හොංකොං දේශයේ ක්‍රීඩකයෙකු දිනාගත්තා.

ඔහු විනාඩි 4.05.09කින් තරගය අවසන් කළා.

ළහිරු ඊයේ දිනාගත් මෙම පදක්කම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු රන් පදක්කම ලෙස වාර්තා අතරට එක්වුණා.

මීට අමතරව, බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ බ්‍රහස්පතින්දා (23) පැවති කාන්තා මීටර 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට නෙත්මි ගිම්හානි සමත් වූය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම එය වනවා. තරගය අවසන් කිරීම සඳහා ඇය මිනිත්තු 4.52.32ක කාලයක් ගත කර ඇත.

මෙම පදක්කමත් සමග මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව 02ක් දක්වා ඉහළ ගියේය.

Exit mobile version