දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයින් 654 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
එම මෙහෙයුම් යටතේ පුද්ගලයින් 28,701 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 24 දෙනෙකු ද, වරෙන්තුකරුවන් 303 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 141 දෙනෙකු වන බව සඳහන් වේ.
එමෙන්ම බීමත් රියදුරන් 11 දෙනෙකු සහ අපරික්ෂාකාරී රිය පැදවීම් හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් පොලීසිය පැවසුවේය.