Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නෙළු මල් වසන්තය නැරඹීමට හෝර්ටන් තැන්නට එන ජනතාවට දැනුම්දීමක්

නෙළු බලන්න හෝර්ටන් තැන්නේ එන ජනතාවට දැනුම්දීමක්

නෙළු බලන්න හෝර්ටන් තැන්නේ එන ජනතාවට දැනුම්දීමක්

හෝර්ටන් ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා පවසනවා.

සිසර රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ වසර 12 පසු මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත්, එය නැරඹීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික සංචාරකයන් පිරිසක් සහ වැඩි රථවහන ප්‍රමාණයක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පැමිණෙන බවයි.

එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත්, එම පිරිස සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කල බවත් සිසිර රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Exit mobile version