Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සබරගමුව පළාත් සභාවත් ඩිජිටල් වෙයි

සබරගමුව පළාත් සභාව ඩිජිටල් වෙයි

සබරගමුව පළාත් සභාව ඩිජිටල් වෙයි

සබරගමු පළාත් සභාව ඩිජිටල් තාක්ෂණය හා මුසු කෙරුණා.

සබරගමුව පළාත් සභාවේ දත්ත පද්ධතීන් අන්ත්ජාලය වෙත මුදා හැරීම පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදියි.

දුප්පත්කම පිටුදකිමු, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණයට ලක් කිරීමේ මූලික වැඩපිළිවෙලට සමගාමීව මෙය සිදු කරන බවයි ආණ්ඩුකාරවරිය පැවසුවේ.

සබරගමුව ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ඉඩම් බදු අය කර ගැනීමට අදාළ දත්ත මේ අනුව ඩිජිටල්කරණයට ලක් කර තිබෙනවා.

පළාත් ගුරු සේවය හැර රාජ්‍ය නිලධාරීන් 17,500 කගේ දත්තයන් ද ඩිජිටල්කරණයට ලක් කෙරුණා.

Exit mobile version