Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් හොරකම් කරලා

සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් හොරකම් කරලා

සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32ක් හොරකම් කරලා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනෙකු සොරකම් කර ඇති බව සත්වෝද්‍යාන කළමනාකාරීත්වය පවසනවා.

සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වන හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේ, මෙම සොරකම සම්බන්ධයෙන් දැනටමත් දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

කෙසේවෙතත් සොරකමට සම්බන්ධ පුද්ගලයෙකු හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව දෙහිවල පොලිසිය පවසනවා.

මෙම සතුන් සොරකම් කර ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේ හෝ සෙනසුරාදා අලුයම විය හැකි බවට සැක කරන බව සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඔහු පෙන්වාදෙන්නේ, සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් රැගෙන ගොස් ඇති බවයි.

සොරකම් කරන ලද මෙම පරෙවියන් අධිකරණ නියෝග යටතේ නඩු භාණ්ඩ ලෙස විවිධ අවස්ථාවන්හිදී සත්වෝද්‍යානයේ රදවා සිට තිබෙන බව පැවසෙනවා.

මෙම සිදුවීම හේතුවෙන් සතුන් සිටි අංශය භාරව කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළා.

මෙම සොරකම සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

Exit mobile version