අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය විසින් ඉකුත් සිකුරාදා (03) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක මහතා සහ උදය ගම්මන්පිල මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ එහි වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වන රංග දිසානායක මහතාට අපහාස සිදු කළ බව පවසමින්, ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය ඉදිරිපත් කළ පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
අදාළ හිටපු මන්ත්‍රීවරුන් විසින් සිදු කරන ලද මෙම අපහාසය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 118 වගන්තිය යටතේ කොමිෂන් සභාවට සිදු කරන ලද අපහාසයක් ලෙස සලකන බව පැමිණිල්ලෙහි සඳහන් වේ.
හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා විසින්, රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේනීති අංශයේ වගකීම් දැරූ අයකු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හා ප්‍රධාන මාධ්‍ය තුළ කතාබහට ලක් කර ඇතැයි ද අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සිය පැමිණිල්ල මගින් අවධාරණය කළ අතර,
එමෙන්ම, රංග දිසානායක මහතා විනිසුරුවරයෙක්ව සිටියදී නීත්‍යනුකූල නොවන ආකාරයට තම දරුවා පාසලකට ඇතුළත් කළැයි හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් චෝදනා එල්ල කර ඇති බවත්, එම චෝදනාව ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ වගකීම් දැරූ අයකු ලෙස සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ප්‍රකාශ කර ඇති බවත් පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර විසින් අල්ලස් කොමිසම වෙත පෙන්වා දී තිබේ.