Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටුනායක සහ කොළඹ අතර ගුවන් ගමන්

කටුනායක සහ කොළඹ අතර ගුවන් ගමන්

කටුනායක සහ කොළඹ අතර ගුවන් ගමන්

මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ තවත් අදියරක් වශයෙන් කොළඹ සහ කටුනායක අතර අභ්‍යන්තර ගුවන් ගමන් ඊයේ (03) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

එහි සමාරම්භය සනිටුහන් කරමින් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 වර්ගයේ SEAPLANE යානයක් කටුනායක ගුවන්තොටුපොළේ සිට අද පෙරවරුවේ පියාසර කෙරිණි.

එම ගුවන් යානයට නැගි වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් කොළඹ බේරේ වැව දක්වා පැමිණියහ.

ගුවන් යානයෙන් පැමිණි පිරිස පිළිගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා සහ සිනමන් හෝටල් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන් Cinnamon Lake side ජැටිය වෙත පැමිණ සිටියේය.

අනතුරුව ගුවන් යානයට ගොඩවූ බිමල් රත්නායක අමාත්‍යවරයා එහි ප්‍රධාන ගුවන් නියමුවා වූ කපිතාන් ඉන්දික ප්‍රේමදාස සහ සහයක නියමුවරයා වූ ඉසුරු මුණසිංහ යන මහත්වරුන් සමඟ සුහද කතාබහක නිරත විය.

Exit mobile version