Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාව හා චීනය අතර වසර 5කට පසු සෘජු ගුවන්සේවා යළිත්

ඉන්දියාව හා චීනය අතර වසර 5කට පසු සෘජු ගුවන්සේවා යළිත්

ඉන්දියාව හා චීනය අතර වසර 5කට පසු සෘජු ගුවන්සේවා යළිත්

ඉන්දියාව හා චීනය වසර 5කට පසු සෘජු ගුවන්සේවා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

සබදතා ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ තවත් පියවරක් ලෙස ඉන්දියාව හා චීනය අතර සෘජු ගුවන් ගමන් මේ මාසයේ යළි ආරම්භ කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසනවා.

එමගින් දෙරටේ ජනතාව අතර සබදතා තවදුරටත් පහසු කරනු ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

ඉන්දියාව හා චීනය අතර 2020 සිට සෘජු ගමන් සිදුව නැහැ.

පසුගිය වසරක කාලය තුළ දෙරට අතර සබදතා යළි ගොඩනගා ගැනීමට කටයුතු කෙරුණා.

බ්‍රහස්පතින්දා (02) දිනයේදී ඉන්දියාවේ විශාලතම සහනදායි ගුවන්සේවය වන ඉන්ඩිගෝ පැවසුවේ ඔක්තෝම්බර් 26 වනදා සිට කොල්කටා සහ ග්වැන්ෂු අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කරන බවයි.

Exit mobile version