Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකාවේ විශාල තෙල් පිරිපහදුවක ගින්නක්

අමෙරිකාවේ විශාල තෙල් පිරිපහදුවක ගින්නක්

අමෙරිකාවේ විශාල තෙල් පිරිපහදුවක ගින්නක්

අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකා වේලාවෙන් බ්‍රහස්පතින්දා දින (02) රාත්‍රියේ මෙය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, තෙල් පිරිපහදුවේ ගිනිදැල් සැතපුම් ගණනක් දුර ඉහළ අහසේ දර්ශනය වන බවයි.

ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර, පිපිරීමක් පිළිබඳ වාර්තාවීමත් සමග ගිනිනිවන භටයින් පිරිපහදුවට කඩිනමින් පැමිණ ගිනිනිවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මහජන ආරක්ෂාවට ක්ෂණික තර්ජනයක් නොමැති වුවත්, ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙසයි දැනුම්දී ඇත්තේ.

මෙම පිරිපහදුව දළ වශයෙන් වර්ග කිලෝමීටර් 3.9ක ප්‍රදේශයක් ආවරණය කරන අතර, එහි කිලෝමීටර් 1,770කට වඩා දිග නල මාර්ග පද්දතියක් තිබෙන බව සඳහන්.

1911 සිට ක්‍රියාත්මක මෙම පිරිපහදුවෙන් දිනකට බොරතෙල් බැරල් 290,000ක් පිරිපහදු කිරීමේ හැකියාවක් පවතිනවා.

Exit mobile version