සාමාන්‍ය රෝහලක් තුළ ඉදිකෙරුණු මෙරට විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානය වන මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ “සෙත් පියස” කාන්තා පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ඊයේ දින (02) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිකාර සේවාවන් සදහා එක් කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලද මෙම කාන්තා රෝගී ප්‍රතිකාර වාට්ටුව තුළ රෝගීන් 56 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැක.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම ව්‍යාපෘතිය දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් බවත් එය අදියරෙන් අදියර නිමකරමින් ජනතාවගේ සෞඛ්‍ය සේවා කටයුතු සදහා යෙදවීමට හැකිවීම සතුට දනවන කරුණක් බවයි.
මෙරට සෞඛ්‍ය සේවාව ඉලක්ක සහගතව මෙහෙවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ දිනවල මෙරට ජාතික ප්‍රතිපත්තියට අනුකූළවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බවද අවධාරණය කර සිටියේය. 2016 වර්ෂයේ දී සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස්කර තිබුණු බව සිහිපත් කළ අමාත්‍යවරයා එම වසර දහය අවසන් කර ඊලග වසර දහයට සෞඛ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කරමින් සිටින බවද සදහන්කර කර සිටියේය.
එම සෞඛ්‍ය ප්‍රතිපත්ති මත පදනම්ව මෙරට ප්‍රධාන සෞඛ්‍ය සැලසුම ද සකස්කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර සිටියේය.
ගෝලීය සෞඛ්‍ය ආවරණයේ ශ්‍රී ලංකාවේ දර්ශක මටිටම ඉතා කෙටි කාලයක් තුළදී 80 මට්ටම ඉක්මවා ගෙන ඒම ප්‍රධාන ඉලක්කයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේවන විට එම දර්ශක හැට ගණන්වල පවතින බවද පැවසීය. ඒ සදහා සමස්ත වැඩපිළිවෙළක් හදුන්වා දීමේ අවශ්‍යතාවයද මෙහි දී පෙන්වා දෙන ලදී.
වත්මන් රජය කිසිදු හිගයකින් තොරව සෞඛ්‍ය සේවාව සදහා අවශ්‍යවන මුදල් සියල්ල ලබා දෙන බව සිහිපත් කළ අතර පසුගිය මාර්තු මාසයේ අයවැයෙන් ද රුපියල් බිලියන 604ක් වෙන්වුන බවද පැවසීය. ආරක්ෂක අමාත්‍යාංශයටත් වඩා මුදලක් මෙවර නිදහස් සෞඛ්‍ය සේවාව සදහා වෙන්වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම මුදල් සියල්ල යම් සැලසුමකට අනූව පරිහරණයකළ යුතුබවද පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මුදල් වෙන් කිරීමේ දී අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති නැවත ආරම්භකර නිමකිරීම සදහා ප්‍රමුඛතාවය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා මේවන විට එවැනි ව්‍යාපෘති 17ක් නැවත ආරම්භ කිරීම සදහා කටයුතු කළ බවද පැවසීය. නියමිත කාලය තුළ එම ව්‍යාපෘති අවසන්කලේනම් රුපියල් බිලියන 29කින් නිමකර ගැනීමට හැකියාව තිබූ නමුත් සිදුවූ ප්‍රමාදය හේතුවේන් රුපියල් බිලියන 58ක් ඒසදහා වැය කිරීමට සිදුවන බවද පැවසීය.
එම ව්‍යාපෘතීන් 17න් ප්‍රධාන ව්‍යාපෘති තුනක්ම මහනුවර ජාතික රෝහලේ ව්‍යාපෘති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ව්‍යාපෘති නියමිත කාලය තුළ අවසන් කිරීමට හැකිවූයේනම් නම් රුපියල් බිලියන 4කින් අවසන් කිරීමට හැකියාව තිබුනු නමුත් විවිධ හේතූන් නිසා සිදුවූ ප්‍රමාදයෙන් රුපියල් බිලියන 8ක් වැය කිරීමට සිදුව ඇති බවද පැමිණිසිටි පිරිසට අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
2012 වර්ෂයේ ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස පිළිකා සංගමය මගින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජයට භාර දී ඇත. ඉන්පසු වරින්වර අදියරෙන් අදියර මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවූ අතර වත්මන් රජය පත්වීමෙන් පසු මෙහි ඉදිකිරීම් කඩිනම් කිරීමට මුදල් වෙන්කර ඊට අඳාළ පියවරද ගෙන ඇත.
මහල් 9කින් සමන්විත “ සෙත් පියස” ගොඩනැගිලි සංකීර්ණයේ තෙවන මහලේ මෙම කාන්තා පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ස්ථාපිත කර ඇත. අනෙකුත් මහල්වල දැඩි සත්කාර ඒකක, අධිසත්කාර ඒකක, පිරිමි සහ කාන්තා වාට්ටු, ශ්‍රවණාගාරයක්, ශල්‍යාගාර, සායන පරිශ්‍ර, ඇතුළුව පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීමට අවශ්‍යවන එ්කක සහ අංශ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
“සෙත් පියස” ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා නව ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 3273කි. මේවන විට රුපියල් මිලියන 1200 මුදලක් මෙහි ඉදිකිරීම් සදහා වැයකර ඇත. මෙහි පළමු පියවර යටතේ පිළිකා රෝගීන් සදහා විශේෂිත විකිරණ චිකිත්සක ප්‍රතිකාර සිදුකල හැකි යන්ත්‍රද ස්ථාපිත කර ඇත.
පිළිකා රෝගීන්ට අවශ්‍යවන සියළුම ප්‍රතිකාර සේවාවන් එකම ගොඩනැගිල්ලක් තුළදී සිදුකිරීමට හැකිවන පරිදි මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සැලසුම්කර තිබීම විශේෂත්වයකි.