Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 වසරේ අගෝස්තු දක්වා ඩොලර් බිලියනයක වාහන ආනයනයක්

2025 වසරේ අගෝස්තු දක්වා ඩොලර් බිලියනයක වාහන ආනයනය කරලා

2025 වසරේ අගෝස්තු දක්වා ඩොලර් බිලියනයක වාහන ආනයනය කරලා

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළදී, මෙරටට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වනවා.

මෙහිදී මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේදී වාර්තා වන අතර එය ඩොලර් මිලියන 255.7ක් වනවා.

2025 වසරේ මේ දක්වා එක් එක් මාසය තුළදී මෙරටට වාහන ආනයනය සඳහා දරා ඇති වියදම පහතින් දැක්වෙනවා.

(ඩොලර් මිලියන වලිනි)

ජනවාරි – 29.1
පෙබරවාරි – 22.3
මාර්තු – 54.0
අප්‍රේල් – 145.6
මැයි – 125.2
ජූනි – 169.6
ජූලි – 206.0
අගෝස්තු – 255.7

Exit mobile version