චාවකච්චේරි මඩ්ඩුවිල් ප්‍රදේශයේ ඉදි කළ “යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ” ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමේ උත්සවය සැප්තැම්බර් මස 30වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් වැය කොට ඉදි කළ මෙම යාපනය ආර්ථික මධ්‍යස්ථානය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මෙතෙක් කාලයක් අතහැර දමා තිබුණ බවයි වාර්තා වුණේ.
ඒ අනුව පසුගිය අගෝස්තු මස 12වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා යාපනය ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවෙන් පසු මෙම ආර්ථික මධ්‍යස්ථානය නවීකරණය කිරීම සඳහායි අදාල උපදෙස් ලබා දී තිබුණේ.
ඒ අනුව “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ වැඩපිළිවෙල යටතේ අදාල සියලු යටිතල පහසුකම් ලබා දෙමින් විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරමින් පොරොන්දු වූ පරිදි යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම යාපනය ප්‍රදේශයේ විශාල ජන සහභාගිත්වයකින් යුතුව සිදු වී තිබෙනවා.