රියදුරු බලපත්‍ර අලුත් කරගැනීම සඳශා කඩිනම් ක්‍රමයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (30) දින හඳුන්වා දී තිබේ.
නුගේගොඩ පිහිටී ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනය මඟින් රියදුරු බරපත්‍ර අලුත් කිරීමේදී වෛද්‍ය පරීක්‍ෂණයට භාජනය වී එය සමත් වීමෙන් පසු විනාඩි 07ක් වැනි සුළු කාලයකදී එම ස්ථානයේදීම මුදල් ගෙවා තම රියදුරු බලපත්‍රය අළුත් කර ගැනීමට හැකියාව පවතියි.
මීට පෙර නුගේගොඩ පිහිටි ආයතනයෙන් වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට ගොස් රියදුරු බලපත්‍රය අලුත් කරගැනීමට සිදු විය.
නුගේගොඩ, ප්‍රවාහන වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ එම සේවාව ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා එක් වූ ප්‍රවාහන, මහා මාර්ග, වරයා සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමාල් රත්නායක විසින් පිළිබද අදහස් දැක්වමින් සඳහන්කර සිටියේ රට පුරාම මෙම පහසුකම සැලසීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න බවයි.