Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාකි­ස්තා­නයේ දරි­ද්‍ර­තාව 25% ඉක්ම­වයි – ලෝක බැංකු­ව

පාකි­ස්තා­නයේ දරි­ද්‍ර­තාව 25% ඉක්ම­වයි - ලෝක බැංකු­ව

පාකි­ස්තා­නයේ දරි­ද්‍ර­තාව 25% ඉක්ම­වයි - ලෝක බැංකු­ව

පාකි­ස්තා­නයේ දරි­ද්‍ර­තාව සහ සමා­නා­ත්ම­තාව සැල­කිය යුතු ආකා­ර­යෙන් ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකු වාර්තා­ව­කින් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 2023-24 කාල සීමා­වේදී 24.7%කින් ඉහළ ගොස් ඇති එරට දරි­ද්‍රතා අනු­පා­තය මේ වසර අව­සා­නය වන­විට 25% ඉක්ම­වනු ඇතැයිද ලෝක බැංකුවේ නව­තම වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. මේ තත්ත්වය පාල­නය කිරීම සඳහා ක්ෂණික සහ තීර­ණා­ත්මක ක්‍රියා­මාර්ග ගන්නා ලෙස ලෝක බැංකුව පාකි­ස්තාන රජ­යෙන් ඉල්ලී­මක් කර ඇතැයිද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

වසර 2020දී කොවිඩ් වසං­ග­ත­යෙන් ඇති වූ බල­පෑම් හේතු­වෙන් සහ 2022දී උද්ගත වු විනා­ශ­කාරී ගංව­තුර ඛේද­වා­ච­ක­යෙන් පාකි­ස්තා­නයේ ජාතික ආර්ථි­කය මෙන්ම 85%කට වැඩි පිරි­ස­කගේ ජීව­නෝ­පාය කඩා වැටී ඇති බවත්, ආර්ථික අස්ථා­ව­ර­ත්වය සහ ඉහළ යන උද්ධ­ම­නය පාල­නය කිරී­මට පාකි­ස්තාන රජ­යට සුදුසු සැල­සු­මක් ක්‍රියා­ත්මක කිරීම සඳහා අර­මු­දල් හෝ දූර්ද­ර්ශී­භා­ව­යක් නොමැති වීම ඊට සැල­කිය යුතු ලෙස බලපා ඇතැයිද වාර්තා වේ.

Exit mobile version