Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන මිල පහළට

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්තෝබර් මාසයට අදාළව සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.

රුපියල් 341ක්ව පැවති, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු.6කින් පහළ ගොස් ඇති අතර නව මිල රු.335ක්.
රුපියල් 283ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 277ක්.
රුපියල් 185ක්ව පැවති, භූමිතෙල් ලීටරයක මිල රු.5කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 180ක්.

සෙසු මිල සංශෝධනය නොවී ඇති අතර, පවතින මිල ගණන්ම ක්‍රියාත්මකයි.

Exit mobile version