2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදාළ අවසාන ආදායම් බදු ගෙවීම් එළැඹෙන සැප්තැම්බර් 30 වැනිදාට හෝ ඊට පෙර නිම කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දැනුම්දී තිබේ.
මෙම නියෝගය පුද්ගලයන්ට පමණක් නොව, සමාගම්, සංස්ථා, හවුල් ව්‍යාපාර සහ අනෙකුත් ලියාපදිංචි ආයතන සඳහාද අදාළ වනු ඇත.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ, බදු ගෙවන්නන්ට ගෙවීම් පත්‍රිකා ලැබෙන තෙක් බලා නොසිට නියමිත බදු මුදල ගෙවීමට හැකි බවයි.
ඒ අනුව, මාර්ගගත බදු ගෙවීම් පහසුකම (OTPP) මගින් හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් ගෙවීම් සිදුකළ හැකියි.
ප්‍රමාදයන් හෝ අතපසු වූ ගෙවීම් සඳහා පොලී සහ දඩ මුදල් අයකරන බැවින්, භෞතික ගෙවීම් පත්‍රිකා ලැබෙන තෙක් රැඳී නොසිටින ලෙසද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
එමෙන්ම බදු නොගෙවීම හෝ ප්‍රමාදවී ගෙවීම් හේතුවෙන් පනවන ලද දඩ සහ පොළී කිසිදු අවස්ථාවක ඉවත් කිරීමක් හෝ අඩු කිරීමක් සිදු නොකරන බව සියලුම බදු ගෙවන්නන්ට දෙපාර්තමේන්තුව දැනුම්දි තිබේ.