Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නවකවධ සිද්ධියකට අදාළව වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

වයඹ සරසවියේ වෛද්‍ය පීඨයට නේවාසිකාගාරයක්

වයඹ සරසවියේ වෛද්‍ය පීඨයට නේවාසිකාගාරයක්

කුළියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ එම සැකකාර සිසුන් 04 දෙනා ඊයේ (26) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සිසුන් සිව්දෙනා එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්ව ඇත්තේ කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබූ කටුපොත, මාරකවිට, උකුවෙල යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙකි.

Exit mobile version