Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ප්‍රංශ ජනාධිපති සාකෝසිට වසර 5ක සිර දඬුවම්

හිටපු ප්‍රංශ ජනාධිපති සාකෝසිට වසර 5ක සිර දඬුවමක්

ලිබියාවෙන් ලද අරමුදලක් සිය ජනාධිපතිවරණයේ මැතිවරණ කටයුතු සඳහා අවභාවිත කිරීමේ චෝදනාවකට ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාර්කෝසිට වසට 5ක සිර දඬුවම් නියම කර තිබේ.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ඊයේ (25) දින ප්‍රංශ අධිකරණයකදීයි.

දින කිහිපයකට පෙර මිය ගිය සාර්කෝසිට එරෙහි නඩුවේ ප්‍රධාන චූදිතයා වූ ප්‍රංශ-ලෙබනන් ව්‍යාපාරිකයෙකු වූ සියාඩ් ටකිඩින් ප්‍රකාශ කර තිබුණේ ඔහු අවස්ථා කිහිපයකදී යූරෝ මිලියන 05 සිට මුදල් ගඩාෆිගෙන් සාර්කෝසි සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට ප්‍රවාහනය කිරීමට සහය වූ බවයි.

අභිචෝදකයන් තර්ක කළේ, සාර්කෝසි සහ ඔහුගේ සහායකයින්, සාර්කෝසිගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ ව්‍යාපාරයට නීතිවිරෝධී ලෙස අරමුදල් සැපයීම සඳහා 2005දී ගඩාෆි සමඟ ගිවිසුමක් සකස් කළ බවයි.

සාර්කෝසි සහ ඔහුගේ සමීපතමයන් ඇතුළු තවත් 11 දෙනෙකුට මෙම චෝදනා එල්ල වී තිබෙනවා.

චෝදනා ලැබූ අය අතර ක්ලෝඩ් ගුආන්,ඔහුගේ එවකට මැතිවරණ ව්‍යාපාර අරමුදල් ප්‍රධානී එරික් වර්ත්සහ හිටපු අමාත්‍ය බ්‍රයිස් හෝර්ටෙෆූක්ස්ද සිටි අතර, ඔවුන් සියලු දෙනාම එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

70 හැවිරිදි සාකෝසි, ධුරය දිනා ගැනීම සඳහා නීති විරෝධී විදේශ අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ පළමු ප්‍රංශ ජනාධිපතිවරයායි.

Exit mobile version