Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසරකට අන­තු­රු­ව­ලින් 1200ක් ජීවිතක්ෂයට

වසරකට අන­තු­රු­ව­ලින් 1200ක් ජීවිතක්ෂයට

වසරකට අන­තු­රු­ව­ලින් 1200ක් ජීවිතක්ෂයට

මෙරට පුද්ග­ල­යින් 12,000ක් විවිධ අන­තුරු හේතු­වෙන් වස­ර­කදී මිය­යන බවත් ඒ අත­රින් 3000ක පමණ පිරි­සක් මිය­යන්නේ මාර්ගයේ සිදු­වන අන­තු­රු­ව­ලින් බව රථ­වා­හන පාලන හා මාර්ග ආර­ක්ෂාව පිළි­බඳ නියෝජ්‍ය පොලි­ස්පති ඉන්දික හපු­ගොඩ මහතා පැව­සීය. සමස්ත අන­තු­රු­ව­ලින් 1/4ක්ම රිය අන­තු­රු­ව­ලින් සිදු­වන මරණ බවද නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය. මේ වසරේ ගෙවුණු කාලයේ සිදුවූ මාරක අන­තුරු 1781න් 1897ක් ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇතැයිද ඉන්දික හපු­ගොඩ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රතු කුරුස මූල­ස්ථා­නයේ බදාදා දින (10) පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ඔහු මේ බව සඳ­හන් කළේය. මිචි­ලින් ලංකා සමා­ගම, ශ්‍රී ලංකා රතු කුරුස සමා­ජය හා පොලී­සිය එක්ව ත්‍රිරෝද රථ රියැ­දු­රන් වෙනු­වෙන් සංවි­ධාන කරන ප්‍රථ­මා­ධාර සහ ආර­ක්ෂක රිය පැද­වීම පිළි­බඳ පුහුණු වැඩ­ස­ට­හන සම්බ­න්ධ­යෙන් දැනු­ම්වත් කිරී­මට මේ මාධ්‍ය හමුව පැවැ­ත්විණි.

මේ යටතේ බස්නා­හිර පළාතේ ත්‍රිරෝද රථ රියැ­දු­රන් 500ක් පුහුණූ කෙරේ. මේ ව්‍යාපෘ­තිය 2026 වසරේ සිට අනෙ­කුත් පළා­ත්වලද ව්‍යාප්ත කිරී­මට නිය­මි­තය.

මෙහිදී නියෝජ්‍ය පොලි­ස්පති ඉන්දික හපු­ගොඩ මහතා මෙසේද පැව­සීය.

“මෙරට වර්ග කිලෝ­මී­ටර් එක් ලක්ෂ දහ­සය දහස් තුන්සිය පන­හක පමණ මාර්ග පද්ධ­ති­යක් තිබෙ­නවා. මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් කාර්යා­ලයේ වාහන 85,50,569ක් (අසූ­පන් ලක්ෂ පනස් දහස් පන්සිය හැට නව­යක්) ලියා­ප­දිංචි වෙලා තිබෙ­නවා. ඉන් 49,94,596ක් යතු­රු­පැදි හා ත්‍රිරෝද රථ 11,87,383ක් ලියා­ප­දිං­චියි. වැඩි­යෙන්ම අන­තු­රු­ව­ලින් ජීවි­ත­ක්ෂ­යට පත්වෙන්නේ යතු­රු­පැ­දි­ක­රු­වන් හා ත්‍රිරෝද රථ රියැ­දු­රන්. මාර්ග නීති හා මාර්ග සංඥා­ව­ලට අව­න­ත­වීම සියලු දෙනා­ගේම වග­කී­මක්. අප­රි­ක්ෂා­කාරී රිය පැද­වීම, නොසැ­ල­කි­ලි­මත් ධාව­නය, අන්ත­රා­දා­යක ලෙස රිය පැද­වීම, අධික වේගය, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැද­වීම, සංඥා­ව­කින් තොරව වාහන හැර­වීම, අධික විඩාව හේතු­වෙන් නින්ද යාම බොහෝ අන­තු­රු­ව­ලට හේතු වුණා. 2023 වසරේ මාරක රිය අන­තුරු 2231න් 2341ක් ජීවි­ත­ක්ෂ­යට පත්වෙලා. 2024දී මාරක රිය අන­තුරු 2403න් 2521ක් ජීවි­ත­ක්ෂ­යට පත්වෙලා. 2025 සැප්තැ­ම්බර් 8වන විට මාරක රිය අන­තුරු 1781න් 1897ක් ජීවි­ත­ක්ෂ­යට පත්වෙලා. මෙය ව්‍යස­න­කාරී තත්ත්ව­යක්.

තිස් වස­රක යුද්ධ­යෙන් 28,000ක් පමණ පිරි­සක් මිය­ගියා. මාර්ග අන­තු­රු­ව­ලින් වසර 10දී මේ ප්‍රමා­ණය මිය­ය­නවා. 2024දී බර­ප­තළ තුවාල ලැබුවා 7157ක්. ඉන් 15% – 20% අතර පිරි­ස­කගේ හිසට, කොඳු නාර­ටි­යට, බර­ප­තළ තුවාල වෙලා ජීවිත කාල­යම ඇඳට වැටිලා. එවැනි දෙයක් වුණාම පවු­ල්වල ආර්ථි­කය බිඳ වැටෙ­නවා. පාසල් යන දරු­වන්ගේ අධ්‍යා­ප­නය බිඳ වැටෙ­නවා. අන­තු­රු­ව­ලට ලක්වෙන අය වෙනු­වෙන් වස­ර­කට බිලි­යන 130 -150ක් පමණ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය වෙන් කර­නවා. මේ පිළි­බ­ඳව අධ්‍ය­ය­නය කර රතු කුරුස සමා­ජ­යත්, මිඩ්ලින් ලංකා සමා­ගම හා ශ්‍රී ලංකා පොලී­සි­යත්, බස්නා­හිර පළාත් සභාව එක්ව මෙවැනි දැනු­ම්වත් කිරීම් ආරම්භ කර තිබෙ­නවා. තෝරා ගත් පාසල් දරු­වන් 2500ට වැඩි පිරි­සක් දැනු­ම්වත් කර තිබෙ­නවා. අන­තු­රක් සිදු­වු­ණාම බොහෝ විට රෝගීන් රෝහ­ල්ගත කරන්න ඉදි­රි­පත් වෙන්නේ ත්‍රිරෝද රථ රියැ­දු­රන්. නමුත් ඔවුන්ගේ නොදැ­නු­ම්ව­ත්කම නිසා අන­තු­රෙන් වූ තුවා­ල­ව­ලට වඩා වැඩි අන­තු­රක් විය හැකියි. මේ දැනු­ම්වත් කිරී­මෙන් පසු රියැ­දු­රුගේ නම, රියැ­දුරු බල­පත් අංකය සඳ­හන් ස්ටික­ර­යක් වාහ­නයේ අල­ව­නවා. ඒ වගේම ප්‍රථ­මා­ධාර උප­ක­රණ සහිත මෙව­ලම් කට්ට­ල­ය­කුත් ලබා දෙනවා. රෝගි­යෙක් රෝහල කරා ගෙන යන තෙක් ආර­ක්ෂා­කා­රීව කට­යුතු කරන ආකා­රය ගැන එහිදී දැනු­ම්වත් කෙරෙ­නවා.

වස­ර­කදී පුද්ග­ල­යන් 12000ක් අන­තුරු හේතු­වෙන් ජීවි­ත­ක්ෂ­යට පත්වෙ­නවා. එයින් 1/4ක්, 3000ක් පමණ මාර්ගයේ සිදු­වන අන­තු­රු­ව­ලින් මිය­ය­නවා. 2030 වන විට මේ අන­තුරු 50%කින් අවම කර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය සඳ­හන් කර තිබෙ­නවා.

අගොස්තු 31 වන විට 1,20,000ක් පමණ බිමත්ව රිය පැද­වූ­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. මේ පොලී­සි­යට හසු වූ ප්‍රමා­ණය පම­ණයි.

Exit mobile version